ගල්කිස්සේ දී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය අදාළ යතුරුපැදිකරු අත්අඩංගුවට

ගල්කිස්ස පොලිස් වසමේ සිල්වෙස්ට මාර්ගයට හැරෙන හන්දිය අසල පසුගිය 05 වනදා සිදුවූ වෙඩි තැබීමක සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් තරුණයෙකුට වෙඩි තබා ඝාතනය කර පලා ගොස් තිබූ අතර, එම යතුරුපැදිය පැදවූ සැකකරු ඊයේ (16) හෝමාගම, මාකුඹුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර, වැඩිදුර විමර්ශන කටයුතු සිදු කෙරෙමින් පවතී.

Facebook
Twitter
LinkedIn
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x