අයහපත් කාලගුණයෙන් පවුල් 10,270ක් පීඩාවට

පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 14ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 140ක පවුල් 2,757කට අයත් පුද්ගලයින් 10,270 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

ඇද හැළුණු අධික වර්ෂාපතනය හමුවේ මේ වන විට දිවයින පුරා පිහිටි ජලාශ කිහිපයකද වාන් දෙරටු කිහිපයක් විවෘත කර ඇති බවද ඔහු පැවසීය.‍

මේ අතර පවතින තත්ත්වය තුළ දිස්ත්‍රික්ක 05ක් සදහා නායයෑමේ අනතුරු ඇගවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඊයේ (01) පියවර ගත්තේය‍.

Facebook
Twitter
LinkedIn
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x