ඉන්දියාවේ කොවිඩ් රෝගීන් වැඩි වීමක්

ලොව පුරා නැවත පැතිරෙමින් පවතින නව කොවිඩ් වෛරසය හමුවේ ඉන්දියාවේ රෝගීන් 1,009ක් මේ වන විට වාර්තා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉන්දියාවේ අගනුවර වන දිල්ලි හී අවම වශයෙන් රෝගීන් 104ක් සිටින බවත් ඉන් 99 දෙනෙකු පසුගිය සතිය තුළ වාර්තා වී ඇති බවය.

කේරළය, මහාරාෂ්ට්‍ර සහ දිල්ලි ඇතුළු ප්‍රාන්තවල කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව කේරළයේ රෝගීන් 430ක් මහාරාශ්ට්‍ර ප්‍රාන්තයේ රෝගීන් 209ක්, ගුජරාටයේ රෝගීන් 83, කර්ණාටක 47ක්, උත්තර් ප්‍රදේශ් හී රෝගීන් 15ක් සහ බටහිර බෙංගාලයේ රෝගීන් 12ක් මේ අනුව වාර්තා වී ඇතැයිද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

කොවිඩ් හේතුවෙන් මරණ 4ක් මහාරාෂ්ට්‍රයෙන්ද මරණ දෙකක් කේරළයෙන් සහ එක් මරණයක් කර්ණාටකයෙන්ද වාර්තා වී ඇත.

Facebook
Twitter
LinkedIn
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x