විදුලිසැර වැදී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

මදුරන්කුලිය පොලිස් වසමේ සීමරගම ප්‍රදේශයේ ළමයෙකු විදුලි සැර වැදිමෙන් තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

ඊයේ (01) දහවල් කාලයේ දී මෙම අනතුර සිදුව ඇතැයි මදුරන්කුලිය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මරණකරු වයස අවුරුදු 16ක් වූ සීමරගම, කොත්තත්තිව් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. දරුවා නිවසේ ඇති විදුලි පෙනුවකට විදුලි උපකරණයක් සවිකිරීමට යාමේදි විදුලිසැර වැදී ඇති බවට සිදුකළ විමර්ශනයෙදි අනාවරණය වී ඇත.

මෘත ශරීරය පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, මදුරන්කුලිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Facebook
Twitter
LinkedIn
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x