ලංකාව සහ ඉන්දියාව ගොඩබිම් මාර්ගයක් ඔස්සේ ඒකාබද්ධ වීමේ අවශ්‍යතාවය, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ ය.
ඊයේ කොළඹ දී පැවති වැඩසටහනට සහභාගී වෙමින් ඔහු මේ බව පැවසී ය.
ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් මුළු ලෝකයටම වාගේ බලපාන පරිදි සිදු කර තිබෙන තීරු බදු ඉහළ දැමීම, මෙතෙක් පැවති “ගෝලීයකරණය” ට දැඩි බලපෑමක් එල්ලකරනු ඇතැයි හිටපු ජනාධිපතිවරයා පවසයි.
ට්‍රම්ප්ගේ මෙම මැදිහත් වීම හේතුවෙන් “ගෝලීයකරණය” අතුරුදන් නොවන නමුත්, අවම වශයෙන් එහි දුර්වල වීමක් අපේක්ෂා කළ හැකි බවයි ඔහු පවසන්නේ.
“ගෝලීයකරණය” දුර්වල වීමෙන් ආර්ථිකයට ඇති වන බලපෑම “කලාපීයකරණය” හරහා ප්‍රතිශ්ඨාපනය කර ගත හැකි දැයි විමසා බැලිය යුතු බව හිටපු ජනාධිපතිවරයා අවධාරණය කරයි.
අපේ කලාපය ගතහොත්, 2050 වන විට ඉන්දියාව ලොව දෙවැනියට විශාලම ආර්ථිකය බවට පත්වනු ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එමෙන්ම ඉන්දුනීසියාව හතරවන හෝ පස්වන ආර්ථිකය බවටත්, පළමු රටවල් තිහ අතරට, මැලේසියාව, බංග්ලාදේශය, තායිලන්තය හා වියට්නාමය යන රටවල් ඇතුළත් වනු ඇති බවටත් රනිල් වික්‍රමසිංහ මහතා අනුමාන කරයි.
ලංකාවේ අපි මින් ප්‍රයෝජනයක් ගත යුතුව ඇතැයි හිටපු ජනාධිපතිවරයා පවසයි.









































