පොළොන්නරුව රෝහලේ රෝගියෙකු සියදිවි නසාගෙන

පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 55 ක පුරුෂයෙකු තමා සන්තකයේ තිබූ පිහියකින් සියදිවි නසාගෙන ඇත.

මාතලේ ප්‍රදේශයේ පදිංචි මෙම දෙදරු පියා පසුගිය 18 වනදා සිට පොළොන්නරුව මහ රෝහලේ 23 වන වාට්ටුවේ සෙම් රෝගී තත්ත්වයක් සහ වකුගඩු ප්‍රශ්න සඳහා ප්‍රතිකාර ලබමින් සිටියේය.

අද (22) පස්වරුවේ පළතුරු කැපීම සඳහා භාවිතා කරමින් සිටි කුඩා පිහියෙන් පපු ප්‍රදේශයේ තුවාල කරගනිමින් ඔහු සියදිවි නසාගෙන තිබේ.

රෝහල් පොලීසියේ පරීක්ෂණවලට අනුව, දිගුකාලීන රෝගී තත්ත්වය නිසා ඇතිවන වේදනාව දරාගැනීමට නොහැකිව මෙම ක්‍රියාවට යොමුවී ඇති බවට සැකෙයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විස්තර විමර්ශනයක් ආරම්භ කර ඇත.

Facebook
Twitter
LinkedIn
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x