පළාත් පාලන ආයතනවල බලය පිහිටවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත සාකච්ඡාවට තමන් සහභාගී වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (16) පස්වරුවේ මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
මෙම සාකච්ඡාව හෙට (17) දිනයේ පැවැත්වීමට නියමිත අතර, විපක්ෂයේ ප්‍රමුඛත්වයෙන් පළාත් පාලන පද්ධතිය සම්බන්ධ ගැටළු සාකච්ඡා කිරීමට එය ආරම්භ කෙරෙන ප්‍රථම පියවරක් ලෙස සැලකේ.









































