බැංකුවේ කෝටි 13ක් පොලියට දුන් කෑෂියර්ට වැඩ වරදී

බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක පමණ මුදලක් දෛනික පොලී ලබා ගැනීමේ අරමුණින් විවිධ ගිණුම් සදහා බැර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය බැංකුවක කඩුවෙල ශාඛාවේ අයකැමිවරයෙකු ඊයෙ (30) අත්අඩංගුවට ගැණුනා.

ඔහුට වට්ස්ඇප් හරහා තරුණියක් ඇමතුමක් ලබාදී දැනුම් දී ඇත්තේ තැන්පත් කරන මුදලට දෛනිකව සියයට දහයක පොලී මුදලක් ලබා ගත හැකි බවටයි.

ඒ අනුව සැකකරු විසින් එදින රුපියල් තිස්දහසකක මුදලක් එම තරුණිය ලබාදුන් ගිණුමකට බැර කර ඇති අතර එලෙස ගිණුම් ගතකර පැය කිහිපයක් ඇතුළත රුපියල් තිස්තුන් දහසක මුදලක් සැකකරුට ලැබී තිබෙනවා.

ඒ අනුව ඊයේ දින රාජකාරී සඳහා කඩුවෙල පිහිටි අදාළ බැංකු ශාඛාවට පැමිණි සැකකරු, එහි තිබූ රුපියල් දහතුන් කෝටි පනස් එක් ලක්ෂයකට වැඩි මුදලක් දුරකථන ඇමතුම් ලබා දුන් තරුණිය විසින් ලබාදෙන විවිධ ගිණුම් සඳහා එක් දිනක් තුළදී බැර කර ඇති බවයි හෙළි වී ඇත්තේ.

ඔහු අදාළ බැංකු ශාඛාවේ ප්‍රධාන අයකැමිවරයා නිසා එම බලය උපයෝගී කරගෙන බැංකුව සතු ගිණුම්වලින් මෙලෙස මුදල් ගිණුම් ගත කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

එලෙස දුරකථන ඇමතුම ලබා දුන් තරුණිය ලබා දෙන ගිණුම් සඳහා මුදල් බැර කරන අතර බැංකුවේ මුදලින් රුපියල් කෝටි අටකට වැඩි මුදලක් සැකකරුගේ පෞද්ගලික බැංකු ගිණුමටද බැර කරගෙන ජංගම දුරකථන මෘදුකාංගය ඔස්සේ එම මුදලද නොයෙක් ගිණුම්වලට බැර කර ඇතැයිද අනාවරණය වී තිබෙනවා.

Facebook
Twitter
LinkedIn
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x