විශාලතම කුෂ් තොගය සමග කටුනායක දී කොටු වූ බ්‍රිතාන්‍ය තරුණිය යළි රිමාන්ඩ්

කුෂ් කිලෝග්‍රෑම් 46ක් සමග කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී පසුගියදා අත්අඩංගුවට ගත් බි්‍රතාන්‍ය ජාතික තරුණිය ජුනි 13 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න නියෝග කර තිබෙනවා.

අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ අනාවරණය වූයේ එම තරුණිය සම්බන්ධයෙන් බි්‍රතාන්‍ය ඩේලි මෙල් වෙබ් අඩවිය පසුගියදා මුදාහැරි වීඩියෝ පටය ඇයගේ දැනුවත්භාවයකින් තොරව පටිගත කරන ලද්දක් බවටයි.

චාලට් මේ ලී නම් 21 හැවිරිදි බි්‍රතාන්‍ය ජාතික මෙම තරුණිය හිටපු ගුවන් කාර්යමණ්ඩල නිලධාරිනියක් වන අතර මැයි 12 වනදා තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් මෙරටට පැමිණ තිබුණා.

එහිදී ගුවන්තොටුපල රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් ඇයට අයත් ගමන් මලු‍ 02ක තිබී ”‍කුෂ් ”‍ මත්ද්‍රව්‍ය කිලෝ 46 ක් අත්අඩංගුවට ගත්තා.

Facebook
Twitter
LinkedIn
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x