දුමින්ද දිසානායක බන්ධනාගාර රෝහලට

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා බන්ධනාගාර රෝහලට යොමු කර තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා පැවසුවේ, ඒ ඔහුට ප්‍රතිකාර ලබා දෙන්නැයි නිකුත් කර ඇති අධිකරණ නියෝගයක් අනුවයි.

අත්අඩංගුට ගත් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඒ , ඔහු ඊයේ ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත් ශාන්ත කුමාර මහතා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.

ඒ අවස්ථාවේ විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ, සැකකරු අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කළ අවස්ථාවේ ඔහු අසනීප තත්ත්වයෙන් සිටින බව අධිකරණ වෛද්‍යවරයා තහවුරු බවයි.

එම නිසා සැකකරු බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන බව ද ඔවුන් අධිකරණයට දන්වා සිටියේ ය.

Facebook
Twitter
LinkedIn
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x