පුටින්ට පිස්සුද? – ට්‍රම්ප්ට රුසියාවෙන් උත්තර

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රමාණය ඉක්මවා සංවේදී වී ඇතැයි රුසියාව පවසනවා. ඒ, “රුසියානු ජනාධිපති ව්ල්දැමීර් පුටීන් සම්පූර්ණයෙන්ම උමතු වී ඇතැයි” ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්.

රුසියාව විසින් යුක්‍රේනයට ඉකුත් දා එල්ල කළ විශාලතම ගුවන් ප්‍රහාරයෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණේ “රුසියානු නායකයා අතිශයින්ම උමතු වී ඇති” බවයි. රුසියාව විසින් ඩ්‍රෝන යානා ප්‍රහාර සහ මිසයිල ප්‍රහාර 367ක් යුක්‍රේනයට එල්ල කර තිබුණා.

ඉන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 2022 පෙබරවාරි මාසයේ රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු සිදු කළ විශාලතම ගුවන් ප්‍රහාරය මෙය බවටයි සැලකෙන්නේ.

ඉකුත් ඉරිදා පස්වරුවේ සිට සඳුදා උදෑසන දක්වා රුසියාව විසින් යුක්‍රේනයට එරෙහිව මෙම ප්‍රහාරයට දියත් කර තිබුණා.“පුටින්ට යමක් සිදුවී ඇති” බවත් “ඔහු සම්පූර්ණයෙන්ම උමතු වී ඇති” බවත්, “අනවශ්‍ය ලෙස බොහෝ දෙනෙකු මරා දමමින් ඇති” බවත් අමෙරිකානු ජනාධිපතිවරයා චෝදනා කළා.

කෙසේ වෙතත් රුසියානු ජනාධිපති ව්ල්දැමීර් පුටින්ගේ ප්‍රකාශක, දිමිත්‍රි පෙස්කොව් පවසා ඇත්තේ අමෙරිකානු ජනාධිපතිවරයා අනවශ්‍ය ප්‍රමාණයට සංවේදී වී ඇති බවයි.

Source: NethNews

Facebook
Twitter
LinkedIn
5 1 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x