ජනාධිපති අරමුදල් වංචා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් රාජිත සේනාරත්න, දයාසිරි ජයසේකර සහ කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු හිටපු ඇමතිවරුන් ඇතුළු 12 දෙනෙකුගේ ගිණුම් පරීක්ෂා කිරීමට අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී තිබෙනවා.
කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය අදාළ රාජ්‍ය බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ අංශය අවසර ලබා දෙමින් ඊයේ (21) මෙම නියෝගය නිකුත් කළා.
පි.හැරිසන්, පියසේන ගමගේ, සුමේධා ජයසේන, මනෝජ් සිරිසේන, පී.දයාරත්න, එස්.සී.මුතුකුමාරණ, වාසුදේව නානායක්කාර, සරත් අමුණුගම, එස්.බී. නාවින්න, දයාසිරි ජයසේකර, පියල් නිශාන්ත ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත, ඉසුර දේවප්‍රිය, එස්.ඒ.ජගත් කුමාර, කේ.පී.එස්. කුමාරසිරි, ජයලත් ජයවර්ධන, නාමල් ගුණවර්ධන, ධර්මදාස බණ්ඩා, විදුර වික්‍රමනායක, විමලවීර දිසානායක, ලකී ජයවර්ධන, පී චන්ද්‍රසේකරන්, ජෝන් අමරතුංග, ජෝශප් මයිකල් පෙරේරා, ටී.බී. ඒකනායක, ඩබ්ලිව්.එම්.එස්. ෆොන්සේකා, ජයන්ත වීරසිංහ, ඇලෙක් අලුවිහාරේ, රංජිත් අලුවිහාරේ, රාජිත සේනාරත්න, කෙහෙළිය රඹුක්වැල්ල, එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන, රංජිත් සොයිසා, සහ ඩී.එම්. ජයරත්න ඇතුළත්.









































