එංගලන්ත රූ රැජින Miss World 2025 තරගය අතරමැද දී ඉවත් වූ හේතුව

ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ හයිද්‍රාබාද් හි පැවැත්වෙන 2025 ලෝක රූ රැජින තරගයෙන්, එක්සත් රාජධානිය නියෝජනය කළ එංගලන්ත රූ රැජින 24 හැවිරිදි මිල්ලා මාගී ඉවත් වී තිබේ.

තරඟකරුවන්ට සලකන ආකාරය පිළිබඳ කනස්සල්ල පලකරමින් ඇය මෙම තරගයෙන් හදිසියේම ඉවත් වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

“The Sun” පුවත්පත සමඟ පැවති සම්මුක සාකච්ඡාවකදී ඇය මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ තරගය අතරතුරටදී “සූරා කෑමට ලක් වූ” බවය.ඇය පවසා ඇත්තේ තරගකරුවන්, අනුග්‍රාහකයින් සහ අමුත්තන් යන පිරිසට සංග්‍රහ කිරීම සඳහා පැවති උත්සවවලදී තමන්ට දැඩි අපහසුතාවයක් දැනුණු බවය.

“අමුත්තන් හය දෙනෙකුගෙන් යුත් සෑම මේසයකටම ගැහැණු ළමයින් දෙදෙනෙකු සිටියා. අපි මුළු සවසම ඔවුන් සමඟ වාඩි වී සිටියා. ඔවුන්ට ස්තූති කරනවා වගේ. මට ඒක විශ්වාස කරන්න බැරි වුණා.” “මේක හරිම වැරදියි, කියලා මම හිතුවා.

මම මෙහි ආවේ මිනිසුන්ගේ විනෝදාස්වාදය සඳහා පුහුණු වීමට නොවේ.” උත්සවය කළමනාකරණය කළ ආකාරය ගැන කලකිරීම ප්‍රකාශ කරමින් ඇය මේ බව පවසා ඇත.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පවසා ඇත්තේ එම අවස්ථාවේදී “ඔවුන් මාව ගණිකාවක් ලෙස හැඟෙව්වා” යනුවෙනි.”කවදාවත් මම ඒ තත්ත්වයට පත්වේ යැයි අපේක්ෂා කළේ නැහැ. අපි මේ අය සතුටු කිරීමට වඳුරන් වගේ එහි වාඩි වී සිටියා. මට එය දරාගත නොහැකි වුණා.”

තරගය අතරමැදදී ඉවත්වීමට මේගී ගත් තීරණය රසිකයින්ට මෙන්ම සෙසු තරගකාරිනියන්ටද කම්පනයක් ඇති විය.

Facebook
Twitter
LinkedIn
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x