ගතවූ මාස 04 අපනයන ආදායම ඩොලර් බිලියන 5 ඉක්මවයි

මෙම වසරේ ගතවූ පළමු මාස 04 තුළ මෙරට අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5. 5 ක් දක්වා ඉහළට ගොස් ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා.

එය 2024 වසරේ එම කාලසීමාවට සාපේක්ෂව සියයට 6.09 ක වර්ධනයක් බවයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

ඒ අනුව, මෙම කාලසීමාව තුළ වාර්තාවී ඇති මුලු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 5,583.25 ක් වනවා.

අපනයන වැඩිම ආදායම උපයන ඇගලුම් සහ රෙදිපිළි අංශයේ ගතවූ මාස 04 තුළ ඩොලර් මිලියන 1,747.91 ක් උපයා ඇති අතර, එය පසුගිය වසරේ සටහන් වුණේ ඩොලර් මිලියන 1, 566.39 ක් ලෙසයි.

Facebook
Twitter
LinkedIn
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x