දේශපාලනඥයන් පාසල්වලට එපා – අගමැතිනියගෙන් උපදෙස්

දේශපාලකයන් පාසල් උත්සවවලට ගෙන්වීම වහාම නතර කරන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඊයේ (26දා) අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්ට උපදෙස් දී ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් සමග ඊයේ (26දා) පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය මේ බව පවසා තිබේ. අග්‍රාමාත්‍ය ලේකම්, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ සියලු අංශ ප්‍රධානීන් මේ රැස්වීමට සහභාගි වී ඇත.

ශිෂ්‍යත්ව විභාගයේ පිටවූ ප්‍රශ්න ගැන ස්වාධීන වාර්තාවක් අවශ්‍ය බවද එය තම අවධානයට යොමු කරන ලෙසද අගමැතිවරිය මෙහිදී වැඩිදුරටත් දැනුම්දී ඇත.

Facebook
Twitter
LinkedIn
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x