කමිදු හා ප්‍රභාත් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට එයි.

නවතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි පිතිකරණ අංශයේ 16 වැනි ස්ථානය දක්වා ස්ථාන 3 කින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා මැදපෙල පිතිකරු කමිදු මෙන්ඩිස් සමත්ව තිබෙනවා.

ඒ, නවසීලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී රැස් කළ විශිෂ්ඨ ශතකය හේතුවෙන්.

කෙසේ වෙතත්, දිමුත් කරුණාරත්න සම 17 වැනි ස්ථානය දක්වා එක් ස්ථාානයකින් ද, ධනංජය ද සිල්වා සම 17 වැනි ස්ථානය දක්වා ස්ථාන 4 කින් ද පහතට ඇද වැටී තිබෙනවා.

දිනේෂ් චන්දිමාල් තවදුරටත් 26 වැනි ස්ථානයේත්, ඇන්ජෙලෝ මැතිව්ස් 27 වැනි ස්ථානයේත් රැදී සිටිනවා.

මේ අතර, ප්‍රභාත් ජයසූරිය ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 5 කින්.

නමුත්, අසිත ප්‍රනාන්දු 13 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් පසු බැස ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

මේ අතර, ධනංජය ද සිල්වා ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර 18 වැනි ස්ථානය දක්වා ස්ථාන 5 කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

මේ අතර, ටෙස්ට් පිතිකරුවන් අතර පළමු 10 දෙනා අතරට යළි පිවිසෙමින් එහි 6 වැනි ස්ථානය දිනා ගැනීමට ඉන්දියාවේ රිෂාබ් පාන්ට් සමත්ව ඇත්තේ බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දී ඔහු වාර්තා කළ ශතකයත් සමගයි.

එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථාන 10 අතරට පිවිසීමට ඇෆ්ඝනිස්තානයේ රහ්මනුල්ලාහ් ගුර්බාස් සමත්ව තිබෙනවා. ඔහු මේ වන විට 8 වැනි ස්ථානයට පත්ව ඇත්තේ ස්ථාන 10 කින් ඉදිරියට පැමිණෙමින්.

ඔහු ඉතිහාසගත වුණේ එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථාන 10 අතරට පිවිසි පළමු ඇෆ්ඝනිස්තාන පිතිකරු ලෙසයි.

මේ අතර, එක්දින පන්දු යවන්නන් අතර 3 වැනි ස්ථානය දක්වා ස්ථාන 8 කින් ඉදිරියට පැමිණීමට ඇෆ්ඝනිස්තානයේ රෂීඩ් ඛාන් සමත්ව තිබෙනවා.

Facebook
Twitter
LinkedIn
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x