අනුරට කරගන්න බැරුව දාල ගියාට පස්සේ අපි බාර ගන්නවා

නව ජනාධිපතිවරයාට කලින් පොරොන්දු වූ කටයුතු කිරීමට නිශ්චිත කාලයක් අවස්ථාවක් ලබාදිය යුතු බව සමගි ජන බලවේගය සඳහන් කරයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරන්නේ මැතිවරණ වේදිකාවේදී පොරොන්දු වූ ආකාරයට රනිල් වික්‍රමසිංහ මහතා හිරේ දැමීම, හොරු ඇල්ලීම, රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම ආදී කටයුතු සඳහාය යම් සාධාරණ අවස්ථාවක් කාලයක් ලබාදීමට තම පාර්ශවය සූදානම් බවයි.

නව ජනාධිපතිවරයා සම්බන්ධයෙන් සුබවාදීව කල්පනා කරන බවත් ඔහුට සිය කාර්යයන් ඉටු කිරීම සඳහා යම් නිශ්චිත අවස්ථාවක් ලබා දිය යුතු බවත් හෙතෙම කියා සිටියි.

යම් හෙයකින් ඔවුනට ආණ්ඩුව කරගෙන යාමට බැරි වුවොත් හෝ ආණ්ඩුව දමා ගිය හොත් ආණ්ඩුව භාරගැනීමට විපක්ෂය ලෙස තමන් පක්ෂය සූදානම් කරන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.

Facebook
Twitter
LinkedIn
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x