පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයේ සත්‍ය හෙළිදරව් කිරීම සඳහා නව විමර්ශනයක්

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයේ සත්‍ය හෙළිදරව් කිරීම සඳහා නව විමර්ශනයක් හරහා හැකි උපරිමයෙන් කටයුතු කරන බව නව ජනාධිපති අනුර කුමාර දිසානායක සහතික විය.

කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් පියතුමන් මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව සඳුදා තමන් හමුවූ අවස්ථාවේදී නව ජනාධිපතිවරයා මෙම සහතිකය ලබා දුන් බවයි.

“පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ ඇත්ත නැත්ත සෙවීමට හැකි උපරිමයෙන් කටයුතු කරන බව නව ජනාධිපතිවරයා අපට පැවසුවා. විශාල වෙනසක් ඇති කිරීමට ජනතාව ජාතික ජන බලවේගයට ඡන්දය දී තිබෙනවා. මෙය දුෂ්කර කාර්යයක්, අපි එතුමාට පූර්ණ සහයෝගය ලබාදෙන අතර, ජනතාවට අවශ්‍ය මෙම වෙනස ඇති කිරීමට නව ජනාධිපතිවරයාට සහ එතුමාගේ පාලනයට අපගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා” යනුවෙන් කාදිනල් පියතුමෝ පැවසූහ

Facebook
Twitter
LinkedIn
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x