ධුරයෙන් පහ කරන ලද ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ භූතානයේ අගනුවර වන තිම්පු හරහා කත්මණ්ඩු නුවරට ළඟා වී තිබේ.
ඔහු සඳුදා උදෑසන කත්මන්ඩු වෙත ගොඩ බැස්ස අතර ලලිත්පූර්හි ජම්සිඛෙල් හි විවන්ත හෝටලයේ නවාතැන් ගෙන සිටී.ගෝඨාභය රාජපක්ෂ ත්‍රිභූවන් ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණ ඇත්තේ KB 400 දරණ Druk Air ගුවන් යානයෙනි.
ලලිත්පූර් දිස්ත්‍රික් පොලිසියේ පොලිස් අධිකාරී නරේෂ් සුබේඩිට අනුව,රාජපක්ෂගේ සංචාරයේදී ඔහු සහභාගී වන සිදුවීම් සඳහා ආරක්ෂක විධිවිධාන සලසා ඇති අතර එයට චිත්වාන් වෙත යාමටද සැලසුම් ඇතුළත් වේ.









































