ජනපතිවරණය පැවැත්වීම ජනතාව ලැබූ ජයග්‍රහණයක් බව අනුර කුමාර දිසානායක කියයි

ජනාධිපතිවරණය පැවැත්වීමම ජනතාව ලැබූ ජයග්‍රහණයක් යැයි ශ්‍රී ලංකාවේ 09 වැනි ජනාධිපතිවරයා ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා ප්‍රකාශ කිරීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා පැවසීය.ඊයේ රාත්‍රියේ මැතිවරණ කොමිෂන් සභාවේ දී පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය.පසුගිය කාලයේ මැතිවරණ අතුරුදන් විය.ඇතැම් මැතිවරණ තමුනට අවශ්‍ය පරිදි පවත්වනු ලැබීය.

අප නව දේශපාලන සංස්කෘතියක් ඇති කර ගත යුතුය.එය මැතිවරණයෙන් මැතිවරණයට වෙනස් නොවිය යුතුය.මෙම මැතිවරණයේදී සාමකාමී වී ඊළග මැතිවරණයේදී එය වෙනස් නොවිය යුතුයි.මැතිවරණ ජයග්‍රහණයෙන් පසු උත්සව පැවැත්වීම අනවශ්‍ය දෙයකි.

මැතිවරණ නිසා කිසිවකුත් මරණයට පත්විය යුතු නැත.අප එකිනෙකාගේ දේශපාලන මතවාද වෙනස්ය.එය එසේ විය යුතුය.දේශපාලන පක්ෂ ගොඩ නැගෙන්නේ ඒ අනුවය.නමුත් අප එකිනෙකා අතර සමගියක් ඇති විය යුතුය.

Facebook
Twitter
LinkedIn
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x