මහාධිකරණ විනිසුරුවරියට අසැබි කෙටි පණිවුඩ යැවූ නීතිඥයා අත්අඩංගුවට

මැසෙන්ජර් ඔස්සේ මහාධිකරණ විනිසුරුවරියක ලිංගික හිංසනයට ලක් වන සේ කෙටි පණිවුඩ යැවු නීතීඥවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් හලාවත ප්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.

2022 වසරේ දී අදාළ නීතීඥවරයා විසින් තමා ලිංගික හිංසනයට ලක් වන සේ මැසෙන්ජර් ඔස්සේ කෙටි පණිවුඩ යොමුකළ බවට අදාළ මහාධිකරණ විනිසුරුවරිය විසින් පැමිණිලි කර තිබුණි.

ඒ අනුව පොලීසිය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කර නීතිපතිවරයා වෙත දැනුම් දී තිබේ.

එහිදි නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ සැකකරු සිදුකර ඇති ක්‍රියාව ලිංගික අතවර කිරීමේ චෝදනා යටතට ගැනෙන අතර ඔහු සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සිදුකරන ලෙසය.ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Facebook
Twitter
LinkedIn
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x