සංවිධානාත්මක අපරාධකරුවන් මර්දනය සඳහා පොලිස් විශේෂකාර්ය බලකායේ කණ්ඩායම් 15ක් යොදවා තිබේ.
පොලීසිය සඳහන් කළේ, එම කණ්ඩායම් විසින් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් 18ක් පිළිබඳ විමර්ශනය කරන බවයි.මේ වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීමේ සිදුවීම් 46ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසයි.
ඔහු ඒ බව සඳහන් කළේ, ඊයේ(19) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.









































