අද (12) වෙසක් පොහොය දිනයට සමගාමීව, බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට විශේෂ රාජ්‍ය සමාවක් ප්‍රදාන කර තිබේ.
ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 ව්‍යවස්ථා වගන්තිය යටතේ හිමිව ඇති බලතල මත මෙම විශේෂ සමාව ලබාදී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සහ කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පවසයි.
ඒ අනුව සිරකරුවන් 388 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව හිමිව ඇති අතර, එමගින් මුදවාලීමට ලක්ව ඇත්තේ පිරිමි 384 ක් සහ කාන්තා 4ක් ය.
මෙම සමාව නියමයන් සහ කොන්දේසි යටතේ ලබාදී ඇති බව ද සඳහන් වේ.
එසේම, වෙසක් පොහොය දිනය නිමිත්තෙන්, බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීමටද අවස්ථාවක් ලබාදී ඇත.
ඒ අනුව අද (12) සහ හෙට (13) යන දෙදින තුළ මෙම අවස්ථාව ලබා දී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.









































