වාහන මිල තවදුරටත් ඉහළට

ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහනවල මිල ගණන් තවදුරටත් ඉහළ යමින් පවතින බව වාහන ආනයනකරුවන් පවසයි.

ඒ සඳහා ප්‍රධාන හේතුව ලෙස ඔවුන් සඳහන් කරන්නේ, ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් බදු ප්‍රතිශත ඉහළ දැමීම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයකින් අනතුරුව විනිමය අනුපාතය වෙනස්වීමයි.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ජපාන යෙන් මුදලේ වටිනාකම ඉහළ යාම නිසා, ජපානයෙන් ආනයනය කරන වාහන සඳහා මෙරට ආනයනකරුවන්ට වැඩි මුදලක් ගෙවීමට සිදුව තිබේ.

ඒ අනුව, ජපානයෙන් වාහන ගෙන්වා මෙරට අලෙවි කරන ආනයනකරුවෝද මේ වනවිට තම වාහනවල මිල ගණන් වැඩි කළ බව වාර්තා වේ.

මූලාශ්‍රය – lanka c news

Facebook
Twitter
LinkedIn
5 1 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x