වතුර වළකට වැටී අවුරුදු තුන හමාරක දරුවා අවසන් ගමන් යයි

වතුර පිරුණු වළකට වැටී අවුරුදු තුන හමාරක කුඩා දරුවෙක් මිය යාමේ ඉතා අවාසනාවන්ත පුවතක් ගල්නෑව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙම දරුවා ඊයේ (16) පස්වරුවේ නිවස අසල සෙල්ලම් කරමින් සිටි අවස්ථාවක නිවස ආසන්නයේ පිහිටි ඉඩමක කපා තිබූ වළකට වැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

දරුවා නිවසේ නොමැති බවට දැනගත් මව්පියන් විසින් අසල්වැසියන්ගේ ද සහාය ඇතිව සිදුකළ සෝදිසි කිරීම්වල දී වළ තුළ වැටී සිටිය දී දරුවා සොයා ගෙන ඇත.

දරුවා කඩිනමින් රෝහල් ගත කිරීමට පියවරගෙන තිබුණද ඒ වනවිටත් දරුවා මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Facebook
Twitter
LinkedIn
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x