ලුණු මෙට්‍රික් ටොන් 15,000 ක් වැස්සට දියවෙයි

නෙළිමට තිබු මෙට්‍රික් ටොන් පහළොස් දහසකට අධික ලුණු අස්වැන්න හදිසියෙ ඇද හැලුණ මහ වැසි සමඟ දිය වි ගිය බව පුත්තලම ලුණු වගාකරුවෝ පවසති.

රටපුරා මෙ වන විට මතුව ඇති උග්‍ර ලුණු හිගයකට ප්‍රධාන හේතුව ලෙස බලපා තිබුනේද ලුණු නිෂ්පාදනයට නිසි අව් රශ්මිය අහිමි වි වැස්ස නිරන්තරයෙන් පැවතීම බවද ඔවුහු කියති.

ශ්‍රී ලංකාවේ සමස්ථ ලුණු නිෂ්පාදනයෙන් පුත්තලම සියයට 60 කට ආසන්න දායකත්වයක් දක්වා ඇති අතර නිසි අව් රශ්මිය පැවති සමයන් වලදි මෙට්‍රික් ටොන් ලක්ෂයකට අධික අස්වැන්නක් ලබා දීමට කටයුතු කර තිබු බව පුද්ගලික හා රජයෙ ලුණු ලේවායන් වල අදාල අංශ පවසති.

ලුණු නිෂ්පාදනයට බාධා එල්ල කරමින් පැවති වර්ෂා තත්වය ලුණු වගා කරුවන්ටද බරපතල ආර්ථික ගැටළු මතු කර තිබුණි.

Facebook
Twitter
LinkedIn
5 1 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x