වයින පුරා ගුරුවරුන් 40,000 ක හිඟයක් පැවතීම හේතුවෙන් මෙම වසර අවසන් වනවිට නිශ්චිත සංඛ්‍යාවක් බඳවා ගැනීමට රජය අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.
විපක්ෂ මන්ත්‍රී මුජිබර් රහුමාන් මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් දැක්වීය.
ගුරු පුරප්පාඩු විස්තරය
රජයේ පාසල්වල පළමු වසර සිට පහ වසර දක්වා:
- සිංහල මාධ්‍ය ගුරු පුරප්පාඩු: 4,240
- දමිළ මාධ්‍ය ගුරු පුරප්පාඩු: 2,827
හය වසර සිට එකොළහ වසර දක්වා:
- සිංහල මාධ්‍ය ගුරු පුරප්පාඩු: 11,274
- දමිළ මාධ්‍ය ගුරු පුරප්පාඩු: 6,121
බස්නාහිර පලාතේ තත්ත්වය
පළමු වසර සිට පහ වසර දක්වා:
- සිංහල මාධ්‍ය: 1,310 පුරප්පාඩු
- දමිළ මාධ්‍ය: 302 පුරප්පාඩු
හය වසර සිට එකොළහ වසර දක්වා:
- සිංහල මාධ්‍ය: 1,325 පුරප්පාඩු
- දමිළ මාධ්‍ය: 397 පුරප්පාඩු









































