ජාතික රණවිරු සැමරුම් උත්සවයට සමගාමීව රථවාහන සැලැස්මක්

හෙට (19) පැවැත්වීමට නියමිත ජාතික රණවිරු සැමරුම් උත්සවයට සමගාමීව බත්තරමුල්ල ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය දැනුම් දී ඇත.

ඒ අනුව, හෙට බත්තරමුල්ල පාර්මේන්තුව අසල රණවිරු ස්මාරකයේදී පස්වරු 04.00 සිට පස්වරු 06.30 දක්වා ජාතික රණවිරු සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතව තිබේ.

අදාළ රථවාහන සැලැස්ම පහත පරිදි වේ.

මාර්ග වසා තැබීමක් සිදු නොකරන අතර, රණවිරු උත්සවය පැවැත්වෙන ප්‍රදේශයේ රථවාහන අවහිරතාවයක් සිදු වුවහොත් පොල්දූව මංසන්ධියේ සිට ජයන්තිපුර හරහා කියයෑම් හන්දිය දක්වා පාර්ලිමේන්තු මාර්ගයේ රථවාහන කොළඹින් පිටවීම හා කොළඹට ඇතුලුවීම සීමා කරනු ලැබේ.

විකල්ප මාර්ග -• කොළඹින් පිටවන වාහන සඳහා පොල්දූව මංසන්ධියෙන් බත්තරමුල්ල හංදිය දක්වා ගමන් කර පාලම් තුන හන්දියෙන් කියයෑම් හන්දිය දක්වා ගමන් කළහැක.•

කොළඹට ඇතුළුවන වාහන සඳහා කියයෑම් හන්දියේ සිට පාලම් තුන හන්දියෙන් බත්තරමුල්ල හන්දිය දක්වා ගමන් කර පොල්දූව මංසන්ධියෙන් කොළඹ දක්වා ගමන් කළ හැක.

Facebook
Twitter
LinkedIn
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x