ඉදිරි දින කිහිපය තුළ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු පළාත්වලට අමතරව ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි තත්ත්වයේ විශේෂ වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද (17) දිනද, මෙම ප්‍රදේශවල විටින් විට ගිගුරුම් සහිත වැසි වාර්තා විය හැකි අතර, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇත.
සෙසු පළාත්වලදී සවස් සහ රාත්‍රී කාලයන්හි තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ, බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි.
එසේම වයඹ, උතුරු-මැද, දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට පැ.කි.මී. 30-40ක් පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවද දන්වා ඇත.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවන තාවකාලික සුළං සහ අකුණු නිසා ඇතිවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා වැදගත් ආරක්ෂිත පියවර ගන්නා ලෙසද ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කරයි.









































