ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රී ලාංකිකයෙකුගේ රැකවරණ පෙත්සම ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලාංකික දෙමල ජාතිකයෙකු විසින් ඉන්දියාවේ රැකවරණය පතා සිදුකළ ඉල්ලීමක් ඉන්දීය අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇති පරිදී ඔහු විසින් ඉන්දීය අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇති අතර එමගින් ඔහු සඳහන් කර ඇත්තේ සිය මව් රට තුළ තමාගේ ජීවිතය අනතුරේ පවතින බවත් ඒ වෙනුවෙන් ඉන්දියාවේ සරණාගතභාවට ලබා දෙන ලෙසත් ය.

කෙසේ වෙතත් මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් විසිනිසුරුවරුන් පවසා ඇත්තේ ලොව පුරා සිටින සරණාගතයින්ට නවාතැන් ගත හැකි ධර්මශාලාවක් බවට ඉන්දියාව පත්ව නොමැති බවය.

අදාල පෙත්සම්කරු 2015 වසරේදී LTTE ත්‍රස්තවාදී සංවිධානය සමග සම්බන්ධ බවට සැක පිට අත්අඩංගුවට ගත් අයෙකු බවත් 2018 වසරේදී නඩු විභාගයකින් පසු නීති විරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීමේ පනත යටතේ වරදකරු කර වසර 10ක සිර දඬුවමක් නියම කළ අයෙකු බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

2022 වසරේදී මදුරාසි මහාධිකරණ විසින් ඔහුගේ සිර දඬුවම වසර 7ක් දක්වා අඩු කර ඇති අතර සිර දඬුවම අවසන් වූ වහාම රටින් පිටුවහල් කිරීමට පෙර සරණාගත කඳවුරක රැඳි සිටින ලෙසත් අධිකරණය විසින් නියෝග කර ඇත.කෙසේ නමුත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයට පවසා ඇත්තේ තමා වීසා බලපත්‍රයක් මගින් ඉන්දියාවට පැමිණි බවත් තම මව් රට තුළ තම ජීවිතය අනතුරේ පවතින බවත්ය.

එමෙන්ම තම බිරිඳ සහ දරුවන් ඉන්දියාවේ පදිංචි බවත් තමන්ව වසර 3කට ආසන්න කාලයක් පිටුවහල් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ නොකර රඳවාගෙන සිටින බවත්ය.කෙසේ නමුත් ඊට ප්‍රතිචාර වශයෙන් විනිසුරුවරයෙකු විමසා ඇත්තේ ලොව පුරා සිටින සරණාගතයින්ට ඉන්දියාව සත්කාරකත්වය ලබා දිය යුතුද යන්නය.

එමෙන්ම ඉන්දියාව කොටි 140ක ජනතාවක් සමග අරගල කරන බවත් මේ හේතුවෙන් සෑම තැනකම සිටින විදේශිකයින්ට සංග්‍රහ කළ හැකි ධර්මශාලාවක් බවට ඉන්දියාව පත්ව නැති බවත් විනිසුරුවරයා පෙත්සම්කරුට දන්වා තිබේ.

කෙසේ වෙතත් මෙහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා අධිකරණය හමුවේ ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි වගන්තිය වන ජීවිතය සහ නිදහස ආරක්ෂා කිරීම සහ භාෂණයේ නිදහස ඇතුලු මූලික අයිතිවාසිකම් යටතේ මේ සම්බන්ධව තර්ක කර තිබේ.

එහිදී විනිසුරුවරයා විසින් පවසා ඇත්තේ එකී වගන්ති ඉන්දීය පුරවැසියන්ට පමණක් ලබා ගත හැකි බවය.

Facebook
Twitter
LinkedIn
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x