බැංගලෝර්: රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (ආර්සීබී) කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරු ඒබී ඩිවිලියර්ස් තම youtube චැනලය ඔස්සේ ප්‍රකාශ කරනු ලැබුවේ ආර්සීබී කණ්ඡායම මෙවර අයිපීඑල් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නේ නම්, ඔහු එම තරගය බැලීමට ක්‍රීඩාංගණයට පැමිණෙන බව.
“ආර්සීබී අවසන් තරගයට ආවොත්, මම එය බලන්න අනිවාර්යෙන් එනවා විරාට් කෝලි එක්ක ඒ කුසලානය එසවීමට වඩා මට සතුටක් ගෙන දෙන දෙයක් නැහැ. මම ඒක බොහෝ කාලයක් උත්සාහ කළා,” යනුවෙන් ඩිවිලියර්ස් උද්යෝගයෙන් පැවසීය.
ආර්සීබී කණ්ඩායමේ ජනප්‍රිය තරුවක් වන ඩිවිලියර්ස්, විරාට් කෝලි සමඟ එක්ව බොහෝ අමතක නොවන ඉනිම් ගොඩනැගූ අතර ඔහු 2021 වසරේ IPL තරඟ වලින් සමුදුන්නා නමුත් ඔහුට කෙදිනකවත් IPL කුසලානය හිමි කර ගැනීමට නොහැකි වුණා.









































