පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් පිරිසක් අද වර්ජනයේ

අද උදෑසන 08.00 සිට පැය 24ක වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට පරිපූරක වෛද්‍ය සේවාවට අයත් රසායනාගාර විද්‍යාඥ සේවාව සහ භෞත චිකිත්සක සේවාවේ වෘත්තිකයින් තීරණය කර තිබෙනවා.

පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ පරිපූරක වෛද්‍ය සේවාව සඳහා බඳවා ගැනීමේ ගැටලුවක් මුල්කර ගනිමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

සිය ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිය ද සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඊට යහපත් ප්‍රතිචාර නොලැබුණ බවයි පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

Facebook
Twitter
LinkedIn
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x