ලුණු හිඟයට පිළියමක් ලෙස රජය ඉන්දියාවෙන් ආනයනය කළ ලුණු තොග මේ වන විට දිවයිනට ලැබෙමින් පවතින බව ජාතික ලුණු සමාගම පවසනවා.
එහි සභාපති ගයාන් වෙල්ලාල හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ, පසුගිය බ්‍රහස්පතින්දා සිටම අදාළ ලුණු තොග මෙරටට ලැබෙමින් පවතින බවයි.
රට තුළ පවතින ලුණු හිඟයට පිළියමක් ලෙස ජාතික ලුණු සමාගම, ඉන්දියාවෙන් ලුණු මෙටි්‍රක් ටොන් විසිදහසක්, ආනයනය කිරීමට තීරණය කළා.









































