අනුදි ගුණසේකර ඇතුලු ලෝක රූ රැජින තරගාවලිය පැවැත්වෙන හයිද්‍රාබාද් වලට එල්ල වෙන්නට තිබූ ISIS ප්‍රහාරයක් ගැන තොරතුරු වාර්තා වෙයි

ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරය ඉලක්ක කරගෙන ISIS ත්‍රස්ත සංවිධානය විසින් සැලසුම් කර තිබූ බෝම්බ ප්‍රහාරයක් ව්‍යර්ථ කිරීමට ඉන්දීය පොලීසිය සමත්ව ඇත.

ඉන්දීය මාධ්‍ය වාර්තා අනුව, පුපුරණ ද්‍රව්‍ය සමඟ ISIS සංවිධානයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සිරාජ් සහ සමීර් යන්නෙකි.

තෙලන්ගානා සහ ආන්ද්‍රා ප්‍රදේශ් රාජ්‍ය පොලිස් බලවේග එක්ව සිදුකළ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදු විය. සිරාජ් නැමැති සැකකරු විසින් විජයනගර් නගරයෙන් පුපුරණ ද්‍රව්‍ය මිලදීගෙන ඇති බවද අනාවරණය වී ඇත.

මෙම ප්‍රහාරය සඳහා උපදෙස් ලබා දී ඇත්තේ සෞදි අරාබියේ සිටින ISIS කණ්ඩායමක් බවටද වාර්තාවල සඳහන් වේ.

මීට පෙර කාෂ්මීරයේ පහල්ගම් ප්‍රදේශයේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ, ඉන්දීය ආරක්ෂක අංශ ජම්මු සහ කාෂ්මීරය ඇතුළු ප්‍රාන්ත කිහිපයක විශේෂ සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ.

මෙම වෙලාවේදී හයිද්‍රාබාද් නගරයේ ලෝක රූ රැජින තරගාවලියද පැවැත්වෙමින් පවතී. රටවල් 140ක නියෝජනයක් ඇති මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අනූධි ගුණසේකර ද සහභාගීව සිටී.

2025 ලෝක රූ රැජින අවසන් තරගය මෙම මස 31 වනදා හයිද්‍රාබාද් නගරයේ පැවැත්වීමට නියමිතය.

Source: Neth Gossip And International Media

Facebook
Twitter
LinkedIn
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x