උසස් පෙළ වෘත්තිය විෂය ධාරාව යටතේ 2025 වර්ෂය සඳහා පාසල්වල 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයදුම් කැඳවීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව වෘත්තිය විෂය ධාරාව සඳහා 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේදී සාමාන්‍ය පෙළ විභාගයේ සමත් අසමත්භාවය සලකා නොබලනු බව අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
මෙලෙස 12 ශ්‍රේණියට ඇතුළත් වීමේ අයදුම්පත https://moe.gov.lk/2025/05/37984/ ඔස්සේ ද බාගත කරගත හැකියි.









































