බීමතින් රිය පැදවූ පොලිස් නිලධාරියෙක්ට වැඩ වරදියි

බීමතින් රිය පැදවූ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට..

2025.05.16 වන දින දහවල් කාලයේ අම්පාර පොලිස් වසමේ කාවන්තිස්ස විද්‍යාලය අසලදී අම්පාර කොට්ඨාස රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා විසින් ලද තොරතුරක් මත බීමත්ව රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් කාර් රථ රියදුරෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුට 2025.05.23 වන දින අම්පාර ගරු මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම්දී ඇත.

සැකකරු මඩකලපුව ආයිත්තමලේ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් නිලධාරියෙකු බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මෙම කාර් රථය පොලිස් ස්ථානයට රැගෙන යාම සඳහා කොට්ඨාස රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා විසින් ක්‍රියා කරන අවස්ථාවේදී ලබා ගත් වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යජාලාවල සංසරණය වෙමින් පවතින අතර මඩකලපුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් මෙම සැකකාර පොලිස් නිලධාරියාගේ සේවය 2025.05.17 වන දින සිට අත්හිටුවීමට කටයුතු කර ඇත.

Facebook
Twitter
LinkedIn
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x