විදුහල්පති මාරු කරන ලෙස ඉල්ලා ආදි සිසුන් සහ දෙමාපියන්ගෙන් විරෝධතාවක්

මාතලේ රත්තොට පිටකන්ද දෙමළ විද්‍යාලයේ විදුහල්පතිවරයාව එම විදුහලෙන් ඉවත් කරන ලෙස ඉල්ලා විදුහලේ ආදි සිසුන් හා දෙමාපියන් එක්ව අද (21) විරෝධතාවක් පවත්වා තිබේ.

එම විද්‍යාලයේ විදුහල්පතිවරයා විද්‍යාලයට බීමතින් පැමිණෙන බවත් ශිෂ්‍යයින්ට හා දෙමව්පියන් වෙත අසභ්‍ය වචනයෙන් බැන වදින බවත් පවසන විරෝධතාකරුවන් එහිදී පවසා ඇත්තේ වසර ගණනාවක සිට විද්‍යාලයේ ප්‍රතිඵල පහළ වැටීමට විදුහල්පතිවරයා ක්‍රියාවන් බලපෑ බැවින් මෙම විරෝධතාවය සංවිධානය කළ බවය.

විදුහල්පතිවරයා එම විද්‍යාලයෙන් මාරු කරන තුරු පාසල් සිසුන් විද්‍යාලයට නොයැවීමටද ඔවුන් කටයුතු කරන බව විරෝධතාකරුවන් සඳහන් කළේය.  

Facebook
Twitter
LinkedIn
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x