පාස්කු ප්‍රහාරයේ ඇපමත සිටි සැකකරුවන් 12 දෙනෙකුට නිදහස

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ආධාර ලබාදුන්නේ යැයි කියමින් අත්අඩංගුවට ගෙන, පසුව ඇප මත මුදා හැර සිටි සැකකරුවන් 10 දෙනෙකු සහ සැකකාරියන් 2 දෙනෙකුට නිදහස ලබාදෙන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (16) නියෝග කළාය.

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශනය කළ ත්‍රස්ත විමර්ශන කාර්යාංශය ඔවුන් පිළිබඳ විමර්ශන අවසන් කර, ප්‍රතිඵල නීතිපතිවරයා වෙත යොමු කර තිබුණා.

නීතිපතිවරයාගේ උපදෙස් මත මෙම පැමිණිල්ල අවසන් කිරීමට කටයුතු කරන බවයි පොලීසිය අධිකරණයට දන්වා ඇත්තේ.

ඒ අනුව, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් අදාළ සැකකරුවන් සියල්ලන්ට නිදහස ලබාදෙන ලෙස නියෝග කළේය.

Facebook
Twitter
LinkedIn
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x