මිලියන 87කට අධික කේරළ ගංජා තොගයක් නාවික හමුදාවට හසුවේ

මිලියන 87කට ආසන්න වටිනාකමකින් යුතු කේරළ ගංජා තොගයක් නාවික හමුදාව විසින් මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ දී පැවැත්වූ විශේෂ සෝදිසි මෙහෙයුමකදී භාරයට ගෙන තිබේ.

මෙහිදී කිලෝ 218ක් සහ ග්‍රෑම් 800ක පමණ කේරළ ගංජා තොගය නාවික හමුදාව විසින් සොයාගෙන භාරයට ගත් බව වාර්තා වේ.මෙම මෙහෙයුම සිදුකරනු ලැබුවේ උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා “ගජබා” දෙපාර්තමේන්තුව මඟිනි.

ඔවුන් පේසාලේ වෙරළ තීරයේ දී සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් හඳුනාගෙන පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම ගංජා තොගය සොයාගෙන ඇත.නාවික හමුදාව පවසන්නේ, මෙම ගංජා තොගයේ වීථි වටිනාකම රුපියල් මිලියන 87 ඉක්මවන බවයි.

Facebook
Twitter
LinkedIn
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x