පිරිමි පුද්ගලයන්ට පියයුරු පිළිකා වැලඳීමේ වැඩි අවදානමක් ඇතැයි ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසීය. මේ වන විට පියයුරු පිළිකා ඇති රටවල් අතුරින් ශ්‍රී ලංකාව 155 වැනි ස්ථානයේ පසුවන බව ද හෙතෙම කීවේය.
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (25 වැනිදා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවැති පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරිමේ මාධ්‍ය හමුවේදිය.
විශේෂයෙන් වයස අවරුදු විස්සට වැඩි කාන්තාවන් සහ පිරිමින් යන දෙපාර්ශ්වයම ස්වයං පියයුරු පරික්ෂාවක් සිදුකර ගැනීම වැදගත් බවද විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කළේය.
පියයුරු පිළිකා කලින් හඳුනාගැනීමේ ප්‍රධාන මධ්‍යස්ථානය නාරාහේන්පිට ඇති අතර රත්නපුර, යාපනය සහ මාතර රෝහල්වලද පිළිකා කලින් හඳුනා ගැනීමේ සායන පැවැත්වෙන බව ජාතික පිළිකා මර්දන වැඩසටහන සඳහන් කරයි.
වසරකට නව පිළිකා රෝගීන් මිලියන දහනවයක් ලොව පුරා රටවලින් වාර්තා වන අතර පුද්ගලයන් මිලියන දහයකට පිළිකා හේතුවෙන් දිවි අහිමි වෙයි.
මෙරටින් ද වසරකට පිළිකා රෝගීන් තිස් අටදහස් දෙසිය විසිනවදෙනකු වාර්තා වුණු අතර ඉන් විසිදහස් තුන්සිය අනුපහක්ම කාන්තාවන් ය. වසරකට වාර්තා වන පිරිමි පිළිකා රෝගීන් සංඛ්‍යාව දාහත්දහස් අටසිය තිස් හතරකි. එමෙන්ම වසරකට පිළිකා රෝගීන් දාසයදහස් හයසිය අනුඑක්දෙනකු මිය යන බවද මෙරට පුද්ගලයන්ට වැලඳෙන පිළිකා වලින් තුනෙන් එකක් කලින් හඳුනාගැනීම මගින් සුව කිරීමේ හැකියව පවතින බවද පිළිකා රෝග මර්දන ව්‍යාපාරය සඳහන් කරයි.
ඔක්තෝබර් 01 වැනිදා සිට 31 වැනිදා දක්වා කාලයේදී පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය යෙදි තිබේ.
මෙවර ලෝක සෞඛ්‍ය සංවිධානයේ තේමාව වනුයේ ‘කිසිවෙක් පියයුරු පිළිකාවට තනිව මුහුණ දිය යුතු නැත’ යන්නයි.









































