ජනාධිපතිට හෙලිකොප්ටර්, පරිවාර ගිලන් රථ නීතියක් – එය කඩ කල නොහැකියි..!

ජනරජයේ මුල් පුරවැසියා වන විධායක ජනාධිපතිවරයා සඳහා ව්‍යවස්ථා-නුකූලව වෙන් වූ ආරක්ෂක වැඩපිළිවෙළක් ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද‍්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී මහාචාර්යයවිශාකා සූරියබණ්ඩාර මහත්මිය සඳහන් කරයි.

නිත්‍යානුකූලව එය වෙනස් කරන තෙක් පවතින වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කළ යුතු බවද ඇය සඳහන්
කරන්නීය.

ජනාධිපතිවරයාගේ ගමන් බිමන් යන ආකාරය සම්බන්ධයෙන් තීරණය කරනු ලබන්නේ ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශ සින් බවත් එහිදී
හෙලිකොප්රට,පරිවාර ගිලන් රථ ඇතුළු සියලූ දේ අවස්ථානුකූලව තීරණය කරනු ලබන්නේ ඔවුන් විසින් බවත් ඇය සඳහන් කරන්නේය.

නමුත් ව්‍යවස-ථාව වෙනස් කර අදාළ සංශෝධන ඇතුලත් කළහොත් ඒවා වෙනස් කිරීමේ හැකියාවක් ඇති බවද ඇය පෙන්වා දෙන්නේය.

එසේ නැතිව එය වෙනස් කිරීම විධායකයේ ආරක්ෂාව භාර අංශ ප්‍රධානීන්ගේ වගකීමක් පැහැර
හැරීමක් සේ සැලකෙනු ඇති බව ද ඇය සඳහන් කලාය.

දෙරණ රූපවාහිනීනාලිකාව සමග වැඩසටහනකට එක්වෙමින් ඇය මෙම අදහස් පළ කරන ලදී.

Facebook
Twitter
LinkedIn
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x