හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව ක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පවසනවා.
ඔහු මේ බව පැවසුවේ අද (24) එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින්.
එහිදී ඔහු කියා සිටියේ රනිල් වික්‍රමසිංහ යළි ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට අපේක්ෂා නොකරන බවයි.
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පිවිසි ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේගුණවර්ධනයි.









































