පාර්ලිමේන්තුව අද විසුරුවා හරින ලකුණු.පාර්ලිමේන්තු මැතිවරණය දෙසැම්බර්යේ

– අමාත්‍යවරුන් 4 දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක්
– ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍ය ධුරයට
– පාර්ලිමේන්තු මහා මැතිවරණය දෙසැම්බර් මාසය
– මහා මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළ හොත් වැඩිම මනාපය සහ වැඩිම සහයෝගය ලබා ගන්නා පුද්ගලයා අගමැති පදවියට
– මුදල්, අධිකරණ, සංචාරක, ආයෝජන ප්‍රවර්ධන සහ ආරක්ෂක අමාත්‍යාංශ ජනාධිපතිවරයා යටතට

අද රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැර දෙසැම්බර් මාසය වන විට පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙනු ඇති බව ඩේලි මිරර් වාර්තා කර තිබේ.

ඊයේ දිනයේ දී දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් අමාත්‍ය ධුර 15ක් බෙදී යන අමාත්‍යවරුන් 4 දෙනෙකුගෙන් යුත් අතුරු කැබිනට් මණ්ඩලයක් අද පත්කිරීමට නියමිත බව ජාතික ජන බලවේගයේ  ආරංචි මාර්ග ප්‍රකාශ කළේ ය.

ඩේලි මිරර් විසින් ලබාගෙන ඇති ලැයිස්තුවකට අනුව, ජනාධිපතිවරයා සංචාරක, ආරක්ෂක, මුදල්, අධිකරණ, කර්මාන්ත සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශ තබා ගන්නා අතර අගමැතිවරයා විදේශ කටයුතු, අධ්‍යාපන සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා වනු ඇත.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය ලෙස දිවුරුම් දීමට නියමිත අතර, ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහ අලුතින් දිවුරුම් දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි අමාත්‍යවරුන් ලෙස අමාත්‍ය ධූර කිහිපයක් බැගින් හිමිකර ගැනීමට නියමිත ය.

කොළඹ දිස්ත්‍රික්කයේ අනුර කුමාර දිසානායකගෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ලක්ෂ්මන් නිපුන ආරච්චි ඊයේ දිවුරුම් දුන්නේය.

මාස දෙකකට පසු එනම් දෙසැම්බර් මාසයේ දී පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙන බවත්, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු නාමයෝජනා කැඳවන දිනය නියම කරන බවත්, ජාතික ජන බලවේග කඳවුරේ ආරංචි මාර්ග සඳහන් කළේය. මෙම දිනයෙන් පසු නාමයෝජනා කැඳවීමට මැතිවරණ කොමිෂන් සභාව දින 10 සිට 17 දක්වා කාලයක් ලබා දෙනු ඇත.

දිසානායක ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු, පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු නව පාර්ලිමේන්තුව රැස්වන දිනය ද ඔහු විසින් ප්‍රකාශයට පත් කරනු ඇති අතර, එය බොහෝ විට ජනවාරි මාසයේදී පැවැත්විය හැකි ය.

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ඊයේ පෙරවරුවේ දිවුරුම් දුන් ජනාධිපති අනුර දිසානායක ත්‍රිවිධ හමුදාපතිවරුන් හමුවී නොබෝ වේලාවකට පසු සිය පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් හමු විය.

අනතුරුව මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට ගොස් ආශිර්වාද ලබාගෙන තඹුත්තේගම බලා ගියේ තම වයෝවෘද්ධ මෑණියන් දැක බලා ගැනීමට ය.

ඔහු අද රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු ජාතික ජන බලවේගය, පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සිය ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ඩේලි මිරර් වාර්තා කර තිබේ.

දෙසැම්බරයේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළහොත් නව අගමැතිවරයා ලෙස පත්කෙරෙන්නේ තම ඡන්දදායකයන්ගෙන් වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගත් සහ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අතරින් වැඩිම සහයෝගයක් ලබන මන්ත්‍රීවරයා බව ඔවුන් පවසා තිබේ.

Facebook
Twitter
LinkedIn
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x