BREAKING NEWS
Search

WhatsApp වලට වඩා Signal හොඳද? – WhatsApp ඉවත් කරලා Signal දාගත්තම සුරක්ෂිතද?

139

තම පෞද්ගලික දත්ත ලබා ගැනීම පිළිබඳව WhatsApp විසින් නිකුත් කල නිවේදනයත් සමග බොහෝ දෙනෙකු එම උපාංගය තම දුරකතනයෙන් ඉවත් කර ගැනීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඔවුන් ඒ සඳහා විකල්පයක් ලෙස Signal නමැති උපාංගයක් භාවිත කිරීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

මොකක්ද Signal කියන්නේ ?

Signal යනු WhatsApp හා සමාන උපාංගයක් වනවා. එය ඔබට පණිවිඩ යැවීමට සහ අන්තර්ජාලය හරහා ඇමතුම් ලබා ගැනීමට ඉඩ සලසා දී තිබෙනවා.
එය කණ්ඩායම් කතාබස් සහ කණ්ඩායම් වීඩියෝ ඇමතුම් සඳහාද සහාය දක්වා තිබීම විශේෂත්වයක්. Signal විවෘත මූලාශ්‍රයක් වන අතර එහි කේතය සම-සමාලෝචනය කරනු ලැබෙනවා, එයින් අදහස් කරන්නේ එහි රහස්‍යතාවය සහ ආරක්ෂාව ස්වාධීන කණ්ඩායමක් විසින් නිරන්තරයෙන් පරීක්ෂා කරනු ලබන බවයි

Signal download කරන්නේ කොහොමද?

ඔබ අතේ තිබෙන ඕනෑම ස්මාර්ට් දුරකතනයකින් මෙම ඇප් එක භාගතකරගැනීමේ හැකියාව පවතිනවා. ඒ අනුව ඔබ සතුව ඇත්තේ Android දුරකතනයක් නම් App Store හරහා එය භාගත කල හැකියි. ඔබගේ දුරකථන යෙදුම iOS නම් APPLE Store හරහා ඔබට මෙම Signal App එක භාගත කල හැකි වනවා.

Signal ඇත්තටම සුරක්ෂිතද?

Signal සුරක්ෂිත බව බොහෝ දෙනාගේ මතයයි. එමෙන්ම මෙහි ක්‍රියාත්මක වන්නේ end-to-end encryption නැතිනම් පණිවුඩ හුවමාරු කරනු ලබන පාර්ශව දෙක අතර ඇති රහස්‍යභාවය සුරක්ෂිත කිරීමේ ක්‍රමවේදයක්.මෙය WhatsApp තුලත් භාවිත වනවා.නමුත් මෙහි ඇති ප්‍රධානම කරුණ වන්නේ Signal භාවිත කිරීමේදී මුරපද දෙකක් භාවිත කිරීමයි.

Signal ඇත්තටම WhatsApp වලට වඩා හොඳද?

රහස්‍යතා විශේෂාංග අනුව,Signal WhatsApp වලට වඩා හොඳයි.කෙසේ වෙතත්,ඔබ යෙදුම් විශේෂාංග ගැන සහ පණිවුඩකරණ යෙදුම භාවිතා කරන්නේ කවුරුන්ද යන්න ගැන සැලකිලිමත් වන්නේ නම්, WhatsApp ඉදිරියෙන් සිටිනවා