Wedding Preshoot එකට පෙර දිනයේ මනමාලයාට ලගම මිතුරෙක් කල අහස පොලව නුහුලන අපරාධය

195

සපුගස්කන්ද, පෙලෙන්ගහහේන හන්දියේදී පිහියකින් පහරදී 27 හැවිරිදි පුද්ගලයෙකු ඝා’තනය කර තිබේ.

මි’යගිය තරුණයා යෙහාන් චානුක ද අල්විස් ලෙස හඳුනාගෙන ඇත.

ඥාතීන් පැවසුවේ, චානුක ඊයේ (11) රාත්‍රී 8.00 ට පමණ මාකොල පිහිටි නිවසට පැමිණි මිතුරෙකු සමග පිටව ගිය බවයි.

ඝාතනය සිදු වී තිබුණේ, මි’යගිය තරුණයාගේ නිවසේ සිට කිලෝමීටරයක පමණ දුරිනි.

පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් අනුව සපුගස්කන්ද පොලීසියේ නිලධාරීන් එම ස්ථානයට ගොස් තුවාල ලබා සිටි තරුණයා රෝහල්ගත කර ඇති අතර එහිදී ඔහු මියගොස් තිබේ.

ඔහුට පිහියෙන් ඇන ඇතැයි කියන මිතුරා ද ඊයේ රාත්‍රියේ කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇත්තේ කැපුම් තුවාල සමගයි.

සිද්ධියෙන් පසුව ඔහු ත්‍රිරෝද රථයක නැග රෝහලට පැමිණි බවට තොරතුරු ඇතැයි පොලීසිය පැවසුවේ ය.

අද උදෑසන සපුගස්කන්ද පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් ගොස් සැකකරුගෙන් ප්‍රකාශයක් ද සටහන් කරගෙන තිබේ.

පහරදුන් පුද්ගලයා වසර 08 ක පමණ කාලයක සිට විදෙස්ගතව සිට මෙරට පැමිණ ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

මි’යගිය පුද්ගලයාගේ ඥාතීන් පැවසුවේ, පසුගිය 19 වැනි දා විවාහ ගිවිසගෙන තිබු ඔහු අද දිනය ඡායාරූප ගැනීමට වෙන්කරගෙන තිබූ බවයි.

මිය යාමට පෙර තරුණයා සිය මිතුරා තමන්ට පිහියකින් ඇන්න බව ප්‍රකාශ කර ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

ඝාතනයට භාවිත කළ පිහිය ද මේ වනවිට ඇත්තේ පොලීසිය භාරයේයි.

චානුක ද අල්විස්ගේ ඝා’තනයට හේතුව මිතුරන් දෙදනා අතර ඇති වූ ආරවුලක් ද?

එසේ නම් ආරවුල ඇතිවූයේ කුමන හේතුවක් මත ද?

පොලීසිය තවමත් මේ පිළිබඳ විමර්ශන සිදු කරන අතර ඝා’තනයට නිශ්චිත හේතුවක් අනාවරණය කරගෙන නැත.