වනිදු හසරංග ගේ දස්කමින් ලංකාවට ලකුණු 290ක ඉලක්කය ජය ගනී

436

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 289 ක් ලබා ගැනීමට සමත්වුණි.

තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දිමුත්කරුණාරත්නගේ ආරාධනයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුව පන්දුවට පහරදුන්නේය.

එම ඉනිම වෙනුවෙන් ශායි හෝප් ලකුණු 115 ක් සහ රොස්ටන්චේර්ස් ලකුණු 41 ක් ලබා ගැනීමට සමත් වුණි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ඉසුරු උදාන කඩුලු 3 ක් සහ නුවන් ප්‍රදීප් හා තිසර පෙරේරා එක් කඩුල්ල බැගින් බිද හෙළුවේය.

සුවිශේෂි හා වේගවත් ආරම්හයක් දුන් අවිෂ්කට හා දිමුත් පළමු කඩුල්ලට ලකුණු 110ක් ලබා ගැනීමට සමත් වින දිමුත් දැවී යද්දී ලකුණු 52(57) කදට අවිශ්ක දැවී යද්දී ලකුණු 50(55) ක ලකුණු සටහනක් විය ඉන්පසු  කුසල් පෙරේරා  ලකුණු 42(50) ද  දැවී යන විට මෙන්ඩිස් , ඇන්ජලෝ ,දනන්ජය  ගේ කඩුලු අඩු ලකුණු සන්ක්යාවකට දැවී ගොස් තිබිණ  තිසර පෙරරා ගේ සහ වනිදු හසරංගගේ සබද තාවය ඉතාමත්  තර්ජනාත්මක වනවාත් සමගම අපරික්ෂා කාරී පහර නිසා තිසර පිටියෙන් ඉවත් වින ඒ වනවිට ඔහු ලකුණු 32(22) ලබා ගෙන සිටියහ , අවසානයේ ලක්ෂාන් සදකැන්  සමග අන්තය රැකගෙන කෙමින් කෙමින් ජයග්‍රාහි මාවතට පැමිණ  ජයග්‍රහනයට ලකුණු 5ක් තිබියදී 4 පහරක් එල්ලේ කිරීමට සමත් වින

අවසාන පන්දු වාරයේ  පළමු පන්දුවෙන් ලක්ෂාන් ජයග්‍රාහි ලකුණ දුවද්දී දැවී යන විට තවත් පන්දු 5කට 1 ලකුණක්  ජයග්‍රහනයට ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍ය වී තිබිණ , මීලග පන්දුවට ලකුණු එකක් ලබා ගැනීමට හැකි වුවද එය නිපන්දුවක් හේතුවෙන් ජයග්‍රාහි ලකුණ වන්නේ නිපන්දුවේ අතිරේක ලකුණයි මෙලස  තරගය අවසාන විය වනිදු 42(39)