T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නුදුරේදීම

1080

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී සහ ඕමානයේදී ආරම්භවීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වේ.ක්‍රිකට් වෙබ් අඩවියක් වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා කියා සිටියේ එළඹෙන සිකුරාදා (සැප්තැම්බර් 10) ට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය ප්‍රකාශයට පත් කරන බවයි.සිකුරාදාට පෙර අතිරේක ක්‍රීඩකයන් 4 ක් සමඟ 15 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.මෙම සංචිතයන්හි වෙනස්කම් සිදුකිරීමට අවශ්‍ය නම් ඒ සඳහා ICCය විසින් ඔක්තෝම්බර් 10 දක්වා කල් ලබා දී ඇත.

දකුණු අප්‍රිකානු එක්දින තරඟාවලියෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පවසා සිටියේ තේරීම් කමිටුව මේවන විට සංචිතය සකසමින් සිටින බවත්,පසුගිය තරඟාවලිවලදී දැක්වූ දක්ෂතාද ඒ සඳහා පදනම් කර ගන්නා බවත්ය.ඔක්තෝම්බර් 17 සුදුසුකම් ලබා ගැනීමේ තරඟ ආරම්භ වන අතර ශ්‍රී ලංකාව ඔක්තෝම්බර් 18 නැමීබියාවට එරෙහිව තරඟ කිරීමට නියමිතයි.