Points ලබාගැනීමටත්පෙර ශ්‍රී ලංකාවේ Points 2 ක් කපයි

111

බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි තෙවන එක්දින තරගයේදී අඩු පන්දුවාර වේගයක් සහිතව ක්‍රීඩා කිරීමේ චෝදනාව හේතුවෙන්,ශ්‍රී ලංකා කණ්ඩායම ICC Cricket World Cup Super League හි තරගයක් ජයග්‍රහණය කර Points ලබාගැනීමටත් පෙර Points 2ක් ICC ය මඟින් කපාහැර ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ Points ගණන -2 ක් වී ඇත.

ICC Cricket World Cup Super League සඳහා රටවල් 13 ක් තරග වදින අතර ඉන් දකුණු අප්‍රිකාව,නවසීලන්තය සහ නෙදර්ලන්තය යන රටවල් 3 පමණක් තවමත් මීට අදාළව කිසිඳු එක්දින තරගයක් ක්‍රීඩා කර නැත.

සුපර් ලීගයට අදාළව එක්දින තරග ක්‍රීඩා කර ඇති රටවල් 10 අතුරින් කිසිඳු තරගයක් ජය නොගත් ශ්‍රී ලංකාව මේ වන විට අවසාන ස්ථානයේ පසුවන අතර 2023 ICC ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සෘජුව සුදුසුකම් ලැබීමට නම් මෙම ICC Cricket World Cup Super League හි Points Table එකෙහි මුල් ස්ථාන 8 අතර සිටිය යුතුවේ.