PCR පරීක්ෂණ වැඩි කිරීමට තීරණය කරයි

149

නිරෝධායනය මධ්‍යස්ථානවල රඳවා සිටින සියලුම දෙනා දින 14 අවසන් කර නිවෙස් බල යාමට පෙර ඔවුන් PCR පරීක්ෂණට ලක් කිරීමට තීරණය කර ඇති බව ජාතික බෝවන රෝග විද්‍යාතනය කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.

මෙරට කොවිඩ් – 19 ආසාදිතයින් හඳුනාගැනිම සඳහා ගතයුතු පර්යේෂණ ක්‍රමවේදය පිළිබදව අද දෙරණ BIG FOCUS වැඩසටහන හා එක්වෙමින් ඔහු මේ බව සදහන් කළේය.

මෙරට සෞඛ්‍ය්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයතන, විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ, විද්‍යා පීඨ සහ අනෙකුත් පර්යේෂණ ආයතන මෙන්ම පුද්ගලික රෝහල් තුළ පවතින සමස්ථ PCR පරීක්ෂණ යන්ත්‍ර සංඛ්‍යාව 116 කට ආසන්න බව ඊයේ අද දෙරණ පුවත් විකාශයෙන් හෙළි කරනු ලැබුවේය.

එහිදි අනාවරණය වුයේ PCR පරීක්ෂණ යන්ත්‍ර 116 තිබුණද දැනට පරීක්ෂණ සිදුකරන්නේ ඉන් PCR පරීක්ෂණ යන්ත්‍ර 7 ක පමණක් බවයි.

එවන් පසුබිමක මෙරට කොවිඩ් – 19 වෛරසය පිටුදැකීම වෙනුවෙන් ක්‍රියාත්මක වන ප්‍රධානම විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් අද දෙරණ BIG FOCUS වැඩසටහන සඳහා එක්වුණි.

එහිදි එම විශේෂඥයින් ප්‍රකාශ කරනු ලැබුවේ කොවිඩ් – 19 වෛරස ආසාදිතයින් හඳුනාගැනීම සඳහා සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇති PCR පරීක්ෂණ ක්‍රමය යොදාගෙන නිරෝධායනය මධ්‍යස්ථානවල සිටින සියලුදෙනා පරීක්ෂාවට ලක්කිරීමට තීරණය කර ඇති බවයි.