ONLINE ණය වලට රැවටෙන්න එපා” – පොලීසිය මහජනතාවගෙන් ඉල්ලයි

331

අන්තර්ජාලය ඔස්සේ ණය සහන ලබාදෙන බවට සිදු කෙරෙන අසත්‍ය ප්‍රචාරයන්ට රැවටීමෙන් වළකින්නැයි පොලිසිය මහජනතාවට දැනුම් දෙනවා.

ඒවායේ මූලාශ්‍ර පිලිබඳ නැවත වරක් තහවුරු කරගන්නා ලෙසටයි මහජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙන්නේ.

රජයේ ණය යෝජනා ක්‍රමයකට සමානව සිදුකරගෙන ගිය වංචාවකට සම්බන්ධ පිරිසක් ඊයේ දිනයේ දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරමිනුයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහජනතාවට මෙම දැනුම්දීම සිදුකරනු ලැබුවා.